Must See

Hot Two Actress

sex

Sunday, January 24, 2016

ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ ශුක්‍රාණුවක් ලබා දීමෙන් පමණක්ද?

ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ ශුක්‍රාණුවක් ලබා දීමෙන් පමණක්ද?

ලිංගික ක්‍රියාවලිය ව්‍යාකූල විය හැකි සේම අනිවාර්ය ගැබ් ගැනීමක් සහතික කළ නොහැකියි.

නමුත් ස්වාභාවික ලිංගික එක වීමක් තුලින් බිහි වන දරුවන් මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම සහතික කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විද්‍යාව වෙනුවෙන් සතිපතා නිකුත් කරන ජාත්‍යන්තර පාරිසරික සඟරාවේ පළ කරන ලද ලිපියකින් ප්‍රකාශයට පත් වී තිබේ.

ප්‍රජනන කාර්ය වෙනුවෙන් ලිංගික සංසර්ගයේ යෙදීම බොහෝ අවාසි සහගත තත්වයන් උද්ගත කරවන්නේ නම් ස්වාභාවික උපත් වෙනුවෙන් අපි වෙහෙසිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු දන ගැනීම වැදගත්.

ඩාවින් විසින් පැහැදිලි කළ ආකාරයට ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ දී මව සහ පියා දෙදෙනාම ජාන ලබා දීමට සම සමව සම්බන්ධ වන අතර එමගින් ගුණාත්මක ජාන මෙන්ම ව්‍යාකූලතා වලට හේතු වන ජානද එකතු වෙයි.

අනෙකුත් ප්‍රජනන ක්‍රම මගින් කාන්තාවන්ට දරුවන් බිහි කළ හැකි අතර කාන්තාවන්ට පිරිමින්ගේ දායකත්වයක් නොමැතිව පවා දරුවන් බිහි කිරීමේ ක්‍රම පවතී.
ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ ශුක්‍රාණුවක් ලබා දීමෙන් පමණක් නම් ඔවුන්ගේ පැවැත්මෙන් ඇති ඵලය කුමක්ද?

පාරිසරික සඟරාවේ පළ වී ඇති මෙම නව ලිපියට පාදක වී තිබෙන පරීක්ෂණය ඉහත ප්‍රශ්නයට මැනවින් පිළිතුරු සපයමින් ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ අහඹු ජාන එකතුවක් දරුවාට ලැබීමේ වාසි පෙන්වා දෙනු ලබයි.

බීට්ල් පරීක්ෂණය

ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ වැදගත්කම මැන බැලීම සඳහා විවිධ වර්ග වලට අයත් කුරුමිණියන් යොදා ගෙන මෙම විද්‍යාඥයින් කණ්ඩායම වසර දහයකට අධික කාලයක් විද්‍යාගාර පරීක්ෂණ පවත්වනු ලැබ තිබේ.

ජීවිත අරගලයේ වැදගත්කම හඳුනා ගැනීමේ හැකියාව සමහර කණ්ඩායම් වල ගැහැණු සතුන්ට සහ පිරිමි සතුන්ට පවතින අනුපාත වෙනස් වන බවයි පරීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ.
වසර හතක කාලයක දී බිහි වූ පරම්පරා පනහකට පසු ගැහැණු සතුන් සමග ලිංගික ව හැසිරීමට සටන් කරන පිරිමි කුරුමිණියන් සියල්ලම ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලිය මගින් බිහි වූ සතුන් බවයි පරීක්ෂණයෙන් සොයාගෙන තිබෙන්නේ.

එම කුරුමිණියන් ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වනවා සේම ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.
කෘතීම ප්‍රජනන ක්‍රම මගින් බිහි වූ සතුන් පරම්පරා දහයක කාලයක් තුල වඳවී යාමට ගොදුරු වූ බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.

ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ වාසි

බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද මෙම විප්ලවකාරී පරීක්ෂණය මෙහෙයවනු ලබා තිබෙන්නේ මහාචාර්ය මැට් ගේජ් විසිනි.
මැට් ගේජ් බීබීසියට කියා සිටියේ ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලිය තුලින් සිදු වන අහඹු ජාන එකතුව මගින් අනාගත වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රජනන ක්‍රියාව සිදු කළ හැකි සත්වයින් තෝරා ගැනීමේ විප්ලවීය කාර්ය භාරය ඉටු වන බවයි.

හොඳ සහ නරක ජාන පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම තුලින් හොඳ ගුණාත්මක ජාන පැතිරෙනවා සේම නරක ජාන රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව රැක ගැනීම සිදු කරනු ලබන බවයි ඔහු පවසන්නේ.

ප්‍රජනන ක්‍රියාවලිය ස්වාභාවික ව සිදු වන විට පිරිමි සතුන් සිය සහ කාරිය ලබා ගැනීමට අනෙක් පිරිමි සතුන් සමග සටන් කළ යුතු වන අතර එමගින් ප්‍රජනන ක්‍රියාවලියට දායක වෙමින් එලඟ පරම්පරාව ඇති කරන්නේ ශක්තිවන්තයන් විසින් බැවින් එමගින් අනාගත පැවැත්ම සුරැකෙන බවයි මහාචාර්ය මැට් ගේජ් පවසන්නේ. 

ඔබ නොදැනුවත් ඔබේ ශුකාණු අඩු කරන කෑම වර්ග

ඔබ නොදැනුවත් ඔබේ ශුකාණු අඩු කරන කෑම වර්ග

අපි ගොඩාක් කැමති අපේ ශුකාණු ප්‍රාමාණය වැඩි වෙනවනම්
එ සදහා අපි නොකරන දෙයකුත් නැ
එත් ඔබ දන්නවාද ඔබ නොදැනුවත්ව කන සමහරක් ආහාර නිසා ඔබේ ශුකාණු විනාශ වන බව


ඔමේගා 3 හා ඔමේගා 6 අඩන්ගු තෙල් අධික බහුල මෙලස ඔබේ ශුකාණු මට්ටම පහළ දමයි

මෙසේ ඔමේගා 3හා ඔමේගා 6 නිපදවන තෙල් අධික ආහාර වන්නේ

බේකන්

සොසේජස්

හැම්

කිරි සහ බටර්


එසේ මේදය අධික ආහර වේ

එබැවින් මෙවැනි ආහාර ගැනීමෙදි ඔබ මදක් විමසිලිමත් විය යුතුයි 

Sunday, January 10, 2016

පිරිමි / කාන්තා කොන්ඩම් ගැන ඔබගේ දැනුම අඩුයිද ? එනම් දැනගන්න ..


අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.




ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම දේකදිම වගේ මේකෙදිත් ආගමික මැදිහත් වීම සිද්ධ වෙනවා.ඇමරිකාවේ මුලින් කොන්ඩම් තහනම් කරන්ඩ යෙදුනත් පස්සේ මේකේ වැදගත්කම අවබෝධ වීමත් එක්ක ඒ නීති ලිහිල් වෙනවා.දැන් බහුලව තියෙන්නේ ලේටෙක්ස් කියන රබර් වර්ගයෙන් හදපු කොන්ඩම්.නමුත් සමහර අය මේ ලේටෙක්ස්වලට අසාත්මික නිසා පොලියුරිතේන් වගේ වෙනත් රසායනික සංයෝගවලින් හදපු කොන්ඩමුත් වෙළඳ පොලේ මිළ දී ගන්ඩ තියෙනවා.

කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා.නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.

කොන්ඩමයක් නිසි විදිහට පළඳින්නේ මෙහෙමයි.මේ කොන්ඩමය එන්නේ ඉහළ රූපයේ තියෙනවා වගේ ආවරණයක.කොන්ඩමය ඉවතට ගන්න කියලා මේ ආවරණය කටින් ඉරන්ඩ හෝ කතුරකින් කපන්ඩ යන්ඩ එපා.මොකද කොන්ඩමයේ පුංචි හරි සිදුරක් ඇති උනොත් ඒකෙන් ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නෑනේ.ඒ වගේමයි මේ කොන්ඩම හැමතිස්සෙම ළඟ තියා ගන්න එක හොඳයි. (මොකද හදිස්සියක් උනොත් එහෙම මේවා හොය හොය ඉන්ඩ මහන්සි නොවී වැඩේ කරලා පස්සේ පසු තැවෙන්ඩයි වෙන්නේ ) ඒ උනාට මේවා සාක්කුවේ කාසි යතුරු වගේ දේවල් එක්කවත් පර්ස් එකේවත් දාගෙන යන්ඩ හොඳ නෑ.මොකද ඒකෙනුත් කොන්ඩමය පළුදු වෙන්ඩ පුළුවං නිසා.

කොන්ඩමය ආවරණයෙන් එළියට ගන්නේ අතින් ඉරලා.ඔය දැති තියෙන පැත්තෙන් අල්ලලා ඉරුවාම පහසුවෙන් ආවරණය ඉරෙනවා.


ඊට පස්සේ එළියට ගත්තු කොන්ඩමය තියෙන්නේ මේ රූපයේ වගේ.හරියට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිත් හදිස්සියට ගලවපු මේස් එකක් වගේ රෝල් කරලයි තියෙන්නේ.




දැං කරන්ඩ ඕනේ මේ මැද තියෙන ඉහළට ඉස්සුනු තැන වම් අතේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි මිරිකලා අල්ලගන්න එක.එතකොට ඒ කෑල්ලේ තියෙන වාතය ටික ඉවත් වෙලා යනවා.ඊට පස්සේ මේක ශිෂ්ණයේ ඉහළ කෙළවරෙන් තියලා අර රෝල් කරලා තියෙන එක දිග ඇරෙන පැත්තට ශිෂ්ණය ආවරණය වෙන විදිහට දිග අරින එකයි කරන්ඩ ඕනෙ.


හොඳට මතක තියාගන්ඩ කොන්ඩමය කෙළවරේ තියෙන පුංචි ඉඩ තියෙන්නේ ශුක්‍ර තරලය එකතු වෙන්ඩ.ඒ ඉඩේ වාතය ඉතුරු උනොත් සංසර්ගයේදී පුපුරලා යන්ඩ පුළුවං.ඒ නිසා හොඳට වාතය ඉවත් වෙන විදිහට තද කරලා කොන්ඩමය පළඳින්න ඕනේ.අනිත් එක තමයි ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැතිවෙලා යනවනේ.එතකොට කොන්ඩමය ශිෂ්ණයෙන් ගැලවිලා ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තැවරෙන්ඩ පුළුවං.එතකොටත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනවා.ඒක හින්දා ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙද්දිම යෝනි මාර්ගයෙන් පිටතට ගන්ඩ ඕනේ.

ඒ වගේම මේක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් විදිහට පළඳිනවානං කොන්ඩමය ගලවද්දි කඩදාසියකින් හෝ ටිෂූ කොළයකින් අල්ලලා කොන්ඩමයේ තැවරී ඇති යෝනි ස්‍රාවයන් අතේ නොගෑවෙන විදිහට පරිස්සමෙන් ගලවලා ඉවත් කරන්ඩ ඕනේ.මොකද මේ යෝනි ස්‍රාවයන් හරහානේ රෝගයන් පැතිරෙන්නේ.පුරුෂයින්ගේ නම් ශුක්‍ර තරලය හරහා තමයි රෝගයන් පැතිරෙන්නේ.ඉතින් මුඛ සංසර්ගයේදී ශුක්‍ර තරලය හෝ සියුම් තුවාලවලින් පිටවන රුධිරය තැවරීමෙන් මුඛය හරහා රෝග බෝවීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්තව කොන්ඩම් හදලා තියෙන්නේ.ඒ නිසා මතක තියාගන්ඩ අනාරක්ෂිත ඒ කියන්නේ තමුන්ට හරියටම විශ්වාස නැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙද්දී කොන්ඩමයක් හැම විටම පළඳින්න හෝ පළඳවන්න.

ගුද සංසර්ගයේ දී සාමාන්‍ය යෝනි සංසර්ගයකට වඩා තද බවක් තිබීමත් ගුදය සංසර්ගයකට හැඩ ගැසී නොතිබීමත් නිසා කුඩා තුවාල ඇතිවීමේ අවස්ථාව වැඩියි.ගුද රමණයකින් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග වැළඳීමේ අවධානම යෝනික සංසර්ගයක මෙන් පනස් ගුණයක් කියලයි කියන්නේ.සාමාන්‍ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.

කොන්ඩම පළදීන්නැතුව ඉන්ඩ කට්ටිය කියන නිදහසට කාරණයක් නේ සංවේදී භාවය අඩුවෙනවා කියන එක.හරියට ඇඳුං ඇඳං නානවා වගේ කියලනේ කියන්නේ.මේක ඇත්තටම මානසික කාරණයක්. සංවේදීභාවය සුළු වශයෙන් අඩු වෙන්ඩ පුළුවං.ඒ උනත් අවධානමක් ගන්නවට වඩා ඒක හොඳයිනේ නේද?.ඉතිං මේ සංවේදීභාවය අඩු වෙනවා කියන අයට තුනී බවෙන් වැඩි කොන්ඩමත් නිපදවලා තියෙනවා.ඒ වගේම කොන්ඩමය මතුපිට ගැටිති සහ රැළි සහිතව නිපදවූ කොන්ඩම සංවේදීභාවය වැඩි කරනවා කියලයි කියන්නේ.

තවත් කොන්ඩම වර්ගයක් තියෙනවා පිරිමියාගේ සුරාන්තය පමා කරවන.මේ කොන්ඩමයේ ශිෂ්ණයේ කෙළවර සංවේදීභාවය අඩුකරවන බෙන්සොකේන් කියන රසායනිකය තවරලා තියෙනවා.ඒකෙන් ශුක්‍ර මෝචනය සැලකිය යුතු ලෙස පමා කරවනවා.

ඒ වගේම ශිෂ්ණයේ සෘජු භාවය වැඩි කරවන රසායනිකයක් අඩංගු කොන්ඩමයකුත් නිපදවලා තියෙනවා.ඒකනම් තවම ලංකාවේ නෑ මම හිතන්නේ.



කාන්තා කොන්ඩමය

මේක ලංකාවේ එච්චර ජනප්‍රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්‍ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.




මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්‍යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.

ලිංගිකව එක්වීමේදී කාන්තාවන්ගේ ලින්ගේන්ද්රයෙන් ගලන ශ්‍රාවය පානය කලොත් කුමක් සිදුවෙයිද?